Linux ගැටව්
  • ලිනක්ස් ගැටව්
  • RoadMap
  • විකිය වෙනස් කිරීමට
  • ලිනක්ස්
    • ඉතිහාසය
    • තාක්ෂණික සහාය
    • GNU/Linux හි වර්ථමාන යෙදවීම්
    • ඉතිහාසයෙන් බිදක්
      • දැනුමට යමක්
  • ලිනක්ස් බෙදාහැරීම්
  • [slideshow] Introduction to Linux for bioinformatics
  • Windows vs Linux
  • ආරම්භක සඳහා හොඳම ලිනක්ස් බෙදා හැරීම්
  • උබුන්ටු යනු
  • Linux ස්ථාපනය කරන්නේ මෙහෙමයි
    • Arch
    • Manjaro
    • Mint
    • Dedian
    • Deepin
    • Ubuntu
    • උබුන්ටු install ක්රාන්නේ මෙහෙමයි
  • පරිගණකයට Ubuntu Install කරගැනීම !
    • දැනුමට යමක්
  • Linux ස්ථාපනයේ දී ඇතිවන ගැටලූ
    • Boot Loder
      • unable to mount root fs on unknown-block(0 0)
  • About Arch
  • How to config manjaro i3 easily
  • Ubuntu, Fedora මෙහෙයුම් පද්ධති සදහා Dongle එක Connect කරගනිමු
  • Linux Directory Structure / File System Structure ගැන ඉගෙනගනිමු.
  • මූලික Linux විධාන - 01 කොටස
  • මූලික Linux විධාන - 02 කොටස
  • මූලික Linux විධාන - 03 කොටස
  • Linux commands ඉගෙන ගමු.
  • Linux commands ඉගෙන ගමු - 2 (CTF Style එකට)
  • Realtime Singlish - Linux සදහා සිංහල Unicode Converter එකක්
  • විකල්ප මෘදුකාංග
  • How to install fcitx-sayura
  • How to Change Grub Theme
  • [Book] ලාංකිකයන් සදහා උබුන්ටු
  • Add new repo to debain family
  • [Coding]
    • [Python]
      • pyqt with qt-designer
  • Widane Forums
  • Roar ටෙක්
  • Android වැඩකාරයෝ
Powered by GitBook
On this page

Was this helpful?

මූලික Linux විධාන - 01 කොටස

PreviousLinux Directory Structure / File System Structure ගැන ඉගෙනගනිමු.Nextමූලික Linux විධාන - 02 කොටස

Last updated 6 years ago

Was this helpful?

අද අපි කතා කරන්න යන්නේ මූලික Linux විධාන ගැන. ඉතින් මම පළවෙනියෙන්ම Linux කියන්නේ මොකද්ද කියල සරලව විස්තර කරන්නම්. අපිට අපේ මෙහෙයුම් පද්ධති (Operating Systems) එකේ භාවිතා වෙන interface එක අනුව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. 01] CLI (Command Line Interface) 02] GUI (Graphical User Interface)

01] CLI (Command Line Interface)

යම්කිසි වැඩසටහනක් (Computer Program) ක්‍රියාත්මක කිරීම සදහා පරිශීලකයා (හෝ සේවා දායකයා) (User/Client) විසින් පරිගණකයට කේත සටහන් (command lines) ආකාරයෙන් විධාන ලබාදෙන්නේනම් එය CLI වර්ගයට අයිති මෙහෙයුම් පද්දතියක් කියල කියන්න පුළුවන්. මේ Command Line එක හසුරවන Interface එකට කියන්නේ Shell එක එහෙමත් නැත්තම් command language interpreter එක කියලයි. ඉතින් මේ CLI වලට උදාහරණ විදිහට MS-DOS, OpenVMS, Unix, Apple DOS, Windows PowerShell වගේ ඒවා දක්වන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න CLI එකක් තියන OS වලත් GUI එකක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හැමෝම වගේ use කරන Windows Operating System එක අයිති වෙන්නේ GUI වලට. හැබැයි එකේ Command Line Interface එකත් තියනවා. (Command Prompt එකයි Windows Power Shell එකයි)

02] GUI (Graphical User Interface)

GUI කියන්නේ මොකද්ද කියල නම් දැන් තේරෙනවා ඇති නේ. මේකෙදි පරිශීලකයාට තම පරිගණකය චිත්රක අයිකන්, දෘෂ්ය දර්ශක (Graphical Icons and Visual Indicators) වගේ දේවල් උපයෝගී කරගෙන හරිම ලේසියෙන් හසුරවගන්න පුළුවන්. ඉතින් CLI එකකින් පරිගණකය හසුරවනවට වැඩා පහසුවෙන් GUI එකක් උපයෝගී කරගෙන පරිගණකයක් හසුරවන එක ඉතාමත් පහසුයි. ඉතින් මේ GUI භාවිතා කරන OS වලට උදාහරණ විදිහට Microsoft Windows, Apple System 7 සහ mac OS, Chrome OS, Ubuntu (Linux මෙහෙයුම් පද්ධතියේ ප්රභේදයක්) වගේ ඒවා දක්වන්න පුළුවන්.

එතකොට මොකද්ද මේ Linux කියන්නේ?

Linux කියන්නේ ඇත්තටම කිව්වොත් කර්නලයක් {(Kernel) පරිගණක වැඩසටහනක් කියල හිතාගන්නකෝ} Operating System එකක් නෙමෙයි. මේ Kernel එක භාවිතා කරන ඒවලට තමයි කියන්නේ ලිනක්ස් බෙදාහැරීම් (Linux Distributions) කියල. ලිනක්ස් බෙදාහැරීම් නම් මේ වෙනකොට ගොඩක් තියනවා. Arch Linux, Cent OS, Debian, Elementary OS, Fedora, Mint වගේ ඒවා උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ඉතින් ඔය උඩ සදහන් කරපු උදාහරණ ඔක්කොගෙම වගේ CLI එකක් සහ GUI කියන දෙකම අපිට බලාගන්න පුළුවන්.

අද මතෘකාවෙන් ගොඩක් පිට ගියා. කමක් නැ ඉතින් අද අපි කතා කරන්න යන්නේ උඩ කියපු Linux Distribution එකක CLI එක හසුරවන්න ඕනේ කරන මූලික Linux විධාන ගැන කතාකරන්න.

★cd විධානය

මේ විධානය භාවිත කරන්නේ අපේ Directory එක වෙනස් කරන්න ඕනේ උනහම. Windows මෙහෙයුම් පද්දතියේ අපිට My Computer එකට යන්න ඕනේ උනහම අපි කරන්නේ My Computer Icon එක උඩට Mouse Pointer එක ගෙනිහිල්ල එක උඩ Double Click කරන එකනේ. ඔන්න ඔය පියවරයන්ටික තමයි cd විධානයෙන් කරන්නේ. මේක භාවිත කරන්න හරිම ලේසි. ඔයාට කරන්න තියෙන්නේ cd කියල type කරලා යන්න ඕනේ කරන directory එක දෙන්න විතරයි.

★ls විධානය

මේකෙන් කරන්නේ අපි ඉන්න Directory එක දිග ඇරලා අපිට පෙන්වන එක. මේකට කියන්නේ List Command එක කියල. මොකද මේකෙන් අපි ඉන්න directory එකේ තියන files සහ folders list එකක් (ලැයිස්තුවක්) විදිහට පෙන්නන්නවා. භාවිත කරන්න හරිම ලේසියි. අපිට ඕනේ කරන Directory එකට ගිහිල්ල ls කියල type කරන්න විතරයි තියෙන්නේ.

★pwd විධානය

මේ විධානයත් හරිම ලේසියි. මේක අපි භාවිතා කරන්නේ අපි ඉන්න Directory එක හොයාගන්න. Use කරන්න හරිමලේසියි. pwd type කරලා enter දෙන්න විතරයි තියෙන්නේ.

★mkdir විධානය

මේ විධානය use කරන්නේ අපිට ඕනේ කරන directory එකක් හදාගන්න. windows මෙහෙයුම් පද්ධතියේ New Folders හදනව වගේ වැඩක්. ඔයාට Desktop එකේ Test කියල directory එකක් හදාගන්න ඕනෙනම් Desktop එකට Directory එක මාරු කරලා මේ command එක උසේකරන්න තියෙන්නේ. මේක use කරන්නේ mkdir <directory name>.

★ifconfig විධානය

මේ විධානය Windows මෙහෙයුම් පද්ධතියේ එන ipconfig කියන විධානය වෙනුවට භාවිත වෙන එක. windows වල වගේම Linux වලත් මේ විධානය use කරලා අපේ Linux මෙහෙයුම් පද්ධතියේ IP address, MAC address, netmask වගේ දේවල් බලාගන්න පුළුවන්.

හොදයි යාලුවනේ. මේ ලිපියට මම ලියන්න බලාපොරොත්තු උනේ ඔච්චරයි. වැරදි අඩුපාඩු තියනවනම් කියන්න. මේවගේම තවත් ලිපියකින් මුණගැහෙමු. ලිපිය කියෙව්වට ස්තුතියි. මේ ලිපිය යාළුවන් අතර බෙදාගන්න අමතක කරන්න එපා. Written With ❤️ By -- a.k.a άλφα Χ

Sameera Madhushan