About Arch

✍️කලින් ලිපියන් පස්සෙ කිහිප දෙනෙක් කිව්ව Arch Linux ගැන කතා කරන්න කියල. ඉතිං මේ ලිපියෙන් මම කතා කරන්නෙ ඒ ගැන. Arch තමා මම කැමතිම distro එක. වැඩිම කාලයක් පාවිච්චි කරපු එකත් කියල.මේකෙන් දැනගන්න පුලුවන් වෙයි ඒ ඇයි කියල. ඉසෙල්ලෙම බලමු Arch කියන්නෙ මොකද්ද කියල.

✍️Arch Linux කියන්නෙ Crux Linux inspired කරගෙන Independently Develop කරපු linux distribution එකක්. ඒ කියන්නෙ ඔයාල දන්නවනෙ ජයප්‍රිය ගොඩක් ලින්ක්ස් distro නිර්මාණය වෙලා තියෙන්නෙ වෙන distro එකක් පදනම් කරගෙන. උදාහරණයක් විදිහට ubuntu නිර්මාණය වෙන්නෙ debian පදනම් කරගෙන, linux mint නිර්මාණය වෙන්නෙ ubuntu පදනම් කරගෙන, තව ඔයාල ගොඩක් දන්න kali linux නිර්මාණය වෙන්නෙත් debian පදන්ම් කරගෙන. හැබැයි මේ Arch Linux නිර්මාණය වෙන්න්නෙ තනියෙන්. ඒ කියන්නෙ linux kernel එක අරගෙන මුල ඉදන්ම අලුතින්ම නිර්මාණ්‍ය කරපු distro එකක්. ඒ කියන්නෙ Arch Linux කාගෙවත් මත යැපෙන්නෙ නෑ.

✍️Arch Linux නිර්මාණය කරන්න මූලික වෙන්නෙ Judd Vinet කියන Developer කෙනෙක්. ඒ 2002 අවුරුද්දෙ මාර්තු 11. දැන් වර්තමාන Arch Linux Project එකේ වැඩ කරන්නෙ Aaron Griffin ඇතුළු development team එකක්. Arch Linux වල package management Pacman. මන් කලින් ලිපියෙනුත් කිව්වනෙ Arch Linux “ KISS | keep it simple, stupid “ කියන principle එක අනුගමනය කරනව කියල. හැබයි මේ simple කියන එකෙන් ලේසියි කියන එක නම් කියවෙන්නෙ නෑ.

“ Arch Linux is not for everyone “

✍️Arch Linux වල graphical installer එකක් නෑ. ☑️Ubuntu වල Ubiquity installer එක. ☑️Red Hat, Oracle, CentOS, Qubes OS, Fedora වගේ distro වල එන Anaconda installer එක. ☑️Manjaro වල Calamares installer එක. (Arch Derivative) ඔය වගේ graphical installer එකක් Arch Linux වලට නෑ. තියෙන්නෙ text based installer එකක්. ඒ කියන්නෙ ඉතිං Arch Linux install කරන්න නම් command type කරන්නම ඕන. මේ නිසා තමා අපිට අපේ system එක අපිටම configure කරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ. Text base installer එක අමාරුනම් මගේ කලින් පෝස්ට් එකේ තියෙයි ලේසි ක්‍රමයක්.

දැන් අපි බලමු Arch Linux වල තියන සුවිශේෂී දේවල් මොනාද කියල. ✔️Build Your Own System. ✔️Rolling Release Model. ✔️By the Community for the Community. ✔️Pacman Package Manager is great. ✔️AUR Repository ✔️All Desktop Environment Support. ✔️Arch Wiki

✍️Build Your Own System Arch Linux වල තියන හොදම දේ තමයි අපිට ඕන විදිහට අපේ os එක install කරගන්න පුලුවන් වීම. Arch Linux install කරාම එන්නෙ base system එක විතරයි.එතනින් එහාට ඕන දේවල්, ඒ කියන්නෙ Display server, Display manager, Desktop environment and software වගේ දේවල් අපිට ඕන අපේ අවශ්‍යතාව පරිදි install කරගන්න පුලුවන්. අන්තිමට අපේ system එකේ තියෙන්නෙ අපිට ඕනම දේවල් විතරයි. ඒ කියන්නෙ වැඩකට නැති කුණු ගොඩවල් අපේ system එකේ නෑ. තමන්ගෙ computer එකේ spec එකට ගැලපෙන්න desktop environment, software දාගන්න පුලුවන්. එතකොට අනවශ්‍යය විදිහට system එක slow වෙන්නෙ නෑ. පරණ computer එකක් උනත් හොදට වැඩ කරන්න පුලුවන් විදිහට set up කරගන්න පුලුවන්. කොටින්ම කිව්වොත් system එකේ තියන හැම දෙයක්ම තමන්ට ඕන විදිහට, තමන්ගෙ අවශ්‍යතාවයට ගැලපෙන්න දාගන්න පුලුවන්. කවුරුවත් config එකපු system එකක් දාගෙන අමාරුවෙන් වැඩ අරන්න ඕන නෑ. System එකේ full control එක තමන්ගෙ අතේ.

✍️Rolling Release Model Arch Linux කියන්නෙ rolling release model එක නුගමනය කරන distro එකක්. ලිනක්ස්වල ප්‍රධාන release model දෙකක් තියනව. Fixed Release Rolling Release ඔය දෙකෙන් Arch Linux අයිති වෙන්නෙ rolling release ගණයට. ඒ කියන්නෙ ඔයා එක පාරක් os එක install කරම එතන ඉදන් දිගටම ඔයාට අපිඩේට් එනව. හැමදාම ඔයා ඉන්නෙ අලුත් අප්ඩේට්වල. කවදාවත් ආය අලුත් release එකට යන්න කියල ආය අලුතින්ම install කරන්න අවශ්‍ය නෑ. මේකෙදි වෙන්නෙ අලුතින් software එකටට update developer විසින් රිලීස් කරාම එසැනින්ම ඒ අප්ඩේට් යූසර්ලා ලබා දෙනව. ඒ software එකේ අලුත් version එකට යන්න os එකේ ඊලග release එක එනකන් ඉන්න ඕන නෑ. Version numbers වලින් os release කරන්නෙ නෑ. 18.04, 18.10, 19.04. 28, 29 ඔහොම රිලීස් නෑ. එකපාරක් ඔයා os එක install කරාම එතන ඉදන් ජීවිත කලෙම ඔයා ඉන්නෙ අලුත්ම os release එකේ තමා. අලුත් අප්ඩේට් නිකුත් වෙච්ච ගමන් අපිට ලැබෙනව. හැබැයි මේ rolling release model එකෙ අවුලක් තියේ. ඒ තමයි නිතරම update එන නිසාත්, ඒව Arch Linux developers ලා test කරල එවන්නෙ නැති නිසාත් system එක break වෙන්න තියන ඉඩ ගොඩක් වැඩියි. ඒ නිසා තමා Arch Linux හැමෝටම හරියන්නෙ නැත්තෙ. මේ විදිහට break උනාම ඒක fix කරගන්න්න තරම් දැනුමක් නැත්තම් සොරි තමා. හැබැයි ඉතිං එහෙමයි කියල බයවෙන්න එපා. යක්කු ඔය කියන තරම් කලු නෑ. මෙච්චර කාලෙකට මට නම් ලොකු අවුල් ඇවිල්ල නෑ. Oඔයත් අලුත්ම software, kernel එක්ක වැඩ කරන්න කැමති කෙනෙක් නම් Arch Linux තමා හොදටම ගැලපෙන්නෙ.

තව විස්තර කියවන්න ➡️https://bit.ly/2Ib4ItZ

✍️By the Community for the Community Arch Linux කියන්නෙ සම්පූර්ණ community driven project එකක්. ඒ කියන්නෙ මේක පිටිපස්සෙ canonical, redhat වගේ company නෑ. කිසිම මූල්‍යමය අරමුණක් මේක පිටිපස්සෙ නෑ. යූසර්ස්ලම එකතුවෙලා කරන වැඩක් නිසා යූසර්ස්ලගේ ප්‍රශ්න හරියට අදුරගෙන ඒවට හරිම විසදුම් දෙන්න මේකට පුලුවන් වෙලා තියනව. ඒ නිසා මේවගෙ තියන අවුල් සහ ඒවට විසදුම් ගන්න හොද community එකක් Arch Linux වලට ඉන්නව. ඕන තරම් resources එහෙමත් තියනව.

✍️Pacman Package Manager is great Arch Linux වල ප්‍රධාන package management system එක තමා pacman. හරියටම ubuntu වල apt වගේ. Pacman කියන්නෙ පට්ටම pms එකක්. හරිම ලේසියෙන් software install, update, remove කරන්න පුලුවන්.pacman වල තියන commands කෙටි commands තියෙන්නෙ. උදාහරණයක් විදිහට මුලු system එකට update කරන්න type කරන්න තියෙන්නෙ “ pacman -Syu “ විතරයි. කොච්චර simple ද? ඔය command එක type කරාම ඔක්කොම repository sync වෙලා සම්පූර්ණ system එකම update වෙනව.

තව විස්තර බලන්න ➡️https://bit.ly/1i0IEve

✍️AUR Repository Arch Linux වල වැදගත්ම දෙයක් තමා aur කියන්නෙ. මේක unofficial repository එකක්. මේක කිසිම විදිහකට Arch Linux developers ලා maintain කරන්නෙ නෑ. මේකෙ වැදගත් කම තමා වෙන කිසිම ලිනක්ස් repository එකකින් හොයාගන්න බැයි තරම් software, themes, icon packs, fonts, wallpapers වගේ හැම දෙයක්ම මේකෙන් හොයා ගන්න පුලුවන්. AUR වලින් package install කරන්න අපි AUR Helper කියල tool එකක් තමා පාවිචි කරන්නෙ. AUR Helper වර්ගත් ගොඩක් තියෙයි ඒත් නම් නම් යූස් කරන්නෙ YAY කියන එක. Oඔයාලටත් ඒක recommend කරනව. ඒක පට්ට. මේකෙ software packages නම් තියෙන්නෙ binay විදිහට නෙවෙයි. Source එක තියෙන්නෙ. මේ source එක ඔයාගෙ pc එකේදි තමා compile වෙන්නෙ. හැබැයි ඉතිං එහෙමයි කියාල ඔයාට කරන්න දෙයක් නෑ ඒ ඔක්කොම AUR Helper එකෙන්ම බලාගන්නව. Arch official repo වල නැත්තම් ඒ package එක aur වල අනිවා තියේ. නැති උනොත් නැති වෙන්නෙ distro specific packages තමා. PPA ඇඩ් කර කර ඉන්න, repo දදා ඉන්න කිසිම දෙයක් නෑ. එකම repo එකකින් ඔක්කොම හොයා ගන්න්න පුලුවන්. පාවිච්චි කරලම තාම රහ දැනගන්න ඕන. AUR එකේ පොඩි අවුල් දෙක තුනක් තියේ. එකක් තමා මන් කිව්වනෙ AUR Arch Developers ලා maintain කරන දෙයක් නෙවෙයි කියල ඒ නිසා මේකෙ පොඩි රිස්ක් එකක් තියෙයි. Arch linux offecial සයිට් එකෙත් මේකට warning එකක් දීල තියනව. මොකද මේ package කවුරුත් check කරන්නෙ නෑ. Malicious දේවල් තියෙන්න පුලුවන්. ඒකට package එක build කරන්න කලින් source එක කියවන්න අවස්ථාව AUR Helper වල දීල තියනව. ඒත් ඉතිං අපි දන්න programming. අපිට පුලුවන්ද ඕව කියවල තේරුම් ගන්න. ඒත් බය එන්න එපා එහෙම දේවල් බොහොම කලාතුරකින් වෙන්නෙ. මන් නම් හැමදාම AUR යූස් කරනව. System crashes වගෙ දේවල් නම් වෙලා නෑ. අනික් AUR වල අවුල තමා source එක compile වෙන්න ටික වෙලාවක් ගත වෙනව. සාමාන්‍ය package එකක් install කරනවට් වැඩිය. ඒ කොහොම උනත් AUR වල අවාසිවලට වඩා වාසි ගොඩක් වැඩී. මේකෙ තියන package එකක් ගොඩක් උනොත්, ගොඩක් අය download කරොත් නම් ඒව verify කරල arch linux ටීම් එක තමන්ගෙ offecial repo එකටත් ඇඩ් කරනව.

AUR වලට මෙතනින් යන්න. ➡️https://bit.ly/1TtpZwu

✍️All Desktop Environment Support Arch Linux වල තව වාසියක් තමා දැනට තියන linux desktop environment ඔක්කොම වගේ තිබීම. ඒ විතරක් නෙවෙයි window managers ඔක්කොමත් වගේ තියනව. ඒ නිසා ඔයාලට තමන්ට අවශ විදිහට, තමන්ගෙ pc එකට ගැලපෙන්න හදා ගන්න ඕන තරම් තේරීම් තියෙයි. Arch Linux වල තියන de සහ wm ඔකෝම වගේ කසිම විදිහකින් customize නොකරපු pure විදිහටමයි තියෙන්නෙ. කවුරුත් මැදිහත් කරුවෙක් developer සහ user අතර ඉදන් මේව වෙනස් කරල නෑ. Pure experience එක user ට ලබා දීල තියනව. මෙතනිනුත් පේන්නෙ යූසර්ට දීල තියන් නිදහක තමා. මේ තත්වය de සහ wm වලට විතරක් නෙවෙයි. Software වලදිත් එහෙමයි.

තව විස්තර බලන්න මේකෙන්. ➡️https://bit.ly/1va5GnN

✍️Arch Wiki ඊලග highlighting advantage එක තමා Arch Wiki. පට්ටම විකි පේජ් එකක් Arch Linux වලට තියනව.මේක හරියට ඔයාල දන්න wikipedia වගේ. මේකෙ Arch linux සම්බන්ධ හැමදෙයක් ගැනම තොරතුරු තියනව. හැම දෙයක් ගැනම සවිස්තරාතමකව පැහැදිලි කරල දීල තියනව. Arch Linux යූස් කරන කෙනෙකුට මේක ලොකු උදව්වක් වෙනව තමන්ගෙ system එක configure කරගන්න. Arch Linux install කරන තැන ඉදන් හැම දෙයක්ම මේකෙ ඇතුලත්. මේ විකි පේක් එක Arch Linux වලට විතරක් නෙවෙයි ඕන distro එකක් යූස් ක්කරන කෙනෙකුට පාව්චි අරන්න පුලුවන් විදිහට තමා හදල තියෙන්නෙ. ඒ තරම් වටින දේවල් මේකෙ තියනව. ලිනක්ස් distro එකකට තියන හොදම wiki page එක තම arch linux වල තියන මේ විකි පේජ් එක.

Arch Linux Wiki එකට මෙතනින් යන්න. ➡️https://bit.ly/1grw8Vc

✍️Arch linux වලට මාරු වෙනවනම් කෙනෙක් කාලය ටිකක් කැප කරන්න බලාගෙන එන්න ඕන. මොකද තුන් හතර පාරක් කිලික් කරල අනිත් distro වගේ install කරන්න, වැඩ කරන්න බලාගෙන නම් arch වලට එන්න එපා. තේරුමක් නෑ. ඔයාටත් arch linux ටිකක් complicated වැඩී වගේ හිතෙනවනම්, ඒත් arch linux experience එක ගන්න කැමතී නම් මේ arch based distro ට්ර්යි කරන්න. මේවගෙන් ඔයාට ලොකු මහන්සියක් නැතුව arch experience එක ගන්න පුලුවන් වෙයි. හැබැයි මේ එකකට වත් arch linux official developer ලා වත් community එකවත් involve වෙන්නෙ නෑ.

Manjaro ➡️https://bit.ly/2AiMbGU

Antergos ➡️https://bit.ly/1ULFBuo

Arco Linux ➡️https://bit.ly/2WYBqlX

තව ඕන තරම් arch based distro තියේ. මම නම් ඔය ටික තමා recommend කරන්නෙ. තව distro ලිස්ට් එකක්ම මෙන්න මේකෙන් බලන්න. https://bit.ly/2TW90XX

✍️මන් හිතනව arch linux ගැන යම් හරි අවබෝධයක් එන්න ඇති කියල. මේව ඉතිං තමන්ට වාසිද අවාසිද කියන දේ එක එක්කෙනාට වෙනස් වෙයි තමන්ගෙ අවශ්‍යතාවන්, දැනුම වගේ දේවල් මත. ඔයත් arch linux පාවිච්චි කරනවනම් ඔයාගෙ අදහසුත් කොමෙන්ට් කරන්න. අනිත් අයට උදව්වක් වෙයි. අඩු පාඩුවක් තිබ්බොත් කියන්න. තව දැනගන්න දෙයක් තිබ්බොත් එකත් කියන්න. දන්න දෙයක් නම් කියන්නම්. එහෙනම් අදට කැපුන….

#MickyBro

Last updated