Windows vs Linux

ඔන්න මේ මම wiki එකට ලියන පලවෙනි ලිපිය. මේකෙන් මම කතා කරන්න හිතුවෙ ලිනක්ස් vs වින්ඩොස් ගැන. මුලින්ම කියන්න් ඕන මේක ගොඩක් සංකීර්ණ මාතෘකාවක්. ඒකට හේතුව තම මේ එක එක os ගත්තොත් එකින් එකට ආවේනික වසි අවාසි තියනව. මොනාහරි විශේෂ හේතුවක් මත තමා මේක හොදයි මේක වැඩක් නෑ කියල කියන්න පුලුවන්. එහෙම නැතුව වින්ඩොස් තමා හොද, ලිනක්ස් තමා හොද කියල පොදුවෙ කියන්න බෑ. මේ හැම එකේම වාසි අවාසි තියන නිසා. මේකෙ මම කරණු කිහිපයක් අරගෙන os දෙක කම්පෙයා කරන්න තමයි යන්නෙ.

✍️ Cost ✍️ Open Source Vs Closed Source ✍️ Flavors And Customization ✍️ Updates ✍️ Security ✍️ Centralized vs. Non Centralized Application Installation ✍️ Licencing ✍️ Performance ✍️ Support

Cost ලිනක්ස් සහ වින්ඩොස් අතර ප්‍රධාන වෙනස්කමක් තමා free vs paid. ලින්ක්ස් ගැන කතා කරොත් ලින්ක්ස් කියන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගන්න පුලුවන් os එකක්. redhat වගේ os එයාලගෙ support එකට මුදලක් අය කරනව. ඒ හැර ලිනක්ස් os වලට කිසිම මුදලක් ගෙවන්න ඕන නෑ. සම්පූර්ණයෙන්ම නොමිලේ. වින්ඩොස් කියන්නෙ සම්පූර්ණයෙන්ම මුදල් ගෙවල ලබා ගන්න ඕන os එකක්. අපිනම් ඉතිං වින්ඩොස් කියල නෑ, free තමා ගන්නෙ. හැබැයි ඒක නීත්‍යානුකූල නෑ.

✔️ Open Source vs Closed Source

➡️ open source open source කියන්නෙ os එක ලියන්න භාවිතා කරපු source code එක ඕන කෙනෙකුට ලබා ගන්න පුලුවන් විදිහට නොමිලේම නිකුත් කරල තියන os වලට. මේවගෙ තියන වාසිය තමයි පරිගනක ක්‍රමලේඛණ භාෂා ගැන දැනුමක් තියන ඕන කෙනෙකුට os ලියන්න පාවිච්චි කරපු source code එකේ මොනාද අන්තර්ගත වෙන්නෙ කියල බලාගන්න පුලුවන්. ඒ වගේම තමා මේ source code එකට ඕන කෙනෙකුට තමන්ට අවශ්‍ය වෙනස්කම් කරන්නත්, ඒව බෙදා ගන්නත් ඉඩදීල තියනව. Source එක open නිසා වෙන්න පුලුවන් ප්‍රශ්නත් තියනව. හැම දෙඑකම ඉතින් වාසි වගේම අවාසිත් තියනවනෙ. ➡️ closed source (proprietary) closed source කියන්නෙ os එක ලියන්න භාවිතා කරපු source code එක os එක පාවිච්චි කරන යූසර්ස්ලට ලබා නොදෙන os වලට. මේව ලියන්න භාවිතා කරපු source code එක තියෙන්නෙ os එකේ නිර්මාණකරුවන් ලග විතරයි. ඉතිං os එක සාමාන්‍ය විදිහට වැඩ කරාට ඇත්තමට source code එකේ මොනාද තියෙන්නෙ කියන එක නිර්මාණකරුවන්ට ඇර අනිත් කිසිම කෙනෙකුට දැනගන්න බෑ. වෙනස්කමක් කරන්න, තියන ගැටලුවක් නිරාකරණය කරන්න පුලුවන් වෙන්නෙ නිර්මාණකරුටම පමණයි. මේක තමා closed source os වල තියන අවාසිය.

ඔය ටික කියෙව්වම open source vs closed source ගැන පොඩි හරි අවබෝධයක් එන්න ඇතිනෙ. මේ කොටස් දෙකෙන් ලිනක්ස් අයිති වෙන්නෙ open source ගණයට. open source වල තියන හැම වාසියක්ම ලිනක්ස් යුසර්ස්ලට හිමි වෙනව. ඒ නිසාතමා ලිනක්ස් ගොඩක් වෙලාවට community projects විදිහට තියෙන්නෙ. වින්ඩොස් අයිති වෙන්නෙ closed source ගණයට. ඒ නිසා ඉතිං closed source os වල තියන ගතිලක්ෂණ තමා වින්ඩොස්වල තියෙන්නෙ.

✔️ Flavors and Customization

ඉස්සෙල්ලාම ලිනක්ස් ගැන කතා කරොත් සිය ගානක් distributions තියනව. මේව යූසර්ස්ලගේ විවිධ අවශ්‍යතා පදනම් කරගෙන තමා නිර්මාණයවෙලා තියෙන්නෙ. උදාහරණයක් විදිහට ගත්තොත් redhat කියන්නෙ enterprise මට්ටමේ ලිනක්ස් distro එකක්. Ubuntu ගත්තොත් ප්‍රධාන වශයෙන් desktop computers යූසර්ස්ල අරමුණු කරගෙන නිර්මාණය කරන distro එකක්. Ubuntu server edition එකකුත් තියනව. ඒකත් ගොඩක් ජනප්‍රියයි. Kali linux ගත්තොත් පරිගනක ආරක්ෂකය (security) මූලික කරගත්ත distro එකක්. Linux mint ගත්තොත් වින්ඩොස්වලින් ලිනක්ස් වලට මාරු වෙන අලුත් ලින්ක්ස් යූසර්ලට ගැලපෙන විදිහට, ගොඩක් user friendly විදිහට තමා නිර්මාණය කරල තියෙන්නෙ.ඔය උදාහරණයක දෙක තුනක් විතරයි. තව ගොඩාක් අරමුණු වෙනුවෙන් නිර්මානය කරපු ලිනක්ස් distributions ඕන තරම් තියේ. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා මොකද්ද හොදම distro එක. ඒක ඉතිං තීරණය වෙන්නෙ මොකද්ද ඔයාගෙ අවශ්‍යතාව, ඔයාගෙ දැනුම මට්ටම කොහොමද කියන එක මත තමා. ලිනක්ස් customization ගැන කතා කරොත් පට්ට. Themes, icon pack, windows decoration, pannel, color schemes.. ඔය වගේ os එකේ හැම දෙයක්ම වගේ අපිට් ඕන විදිහට customization කරගන්න පුලුවන්. තව os එක install කරන්කොට අපිට් ඕන විදිහට අපි කැමති desktop environment, display managers, boot loaders, software එක්ක අපිට ඕන විදිහට install කරගන්නත් අවස්ථාව සමහර distro වල දීල තියනව. ඒ නැත්තත් install කරාට පස්සෙ os එකත් එක්ක එන software අයින් කරල අපිට ඕන software install කරගන්න සම්පූණ නිදහස දීල තියනව.

වින්ඩොස් ගැන කතා කරොත් තත්වෙ ගොඩක් වෙනස්. එයාල configure කරල තියන විදිහට පාවිච්චි කරන්න විතරයි ගොඩක් දුරට අවස්ථාව දීල තියෙන්නෙ. Os එකත් එක්ක එන preinstalled software අයින් අරන්න අවස්ථාව නෑ. ඉස්සරනම් customization අන්තිමයි. හැබැයි දැන් දැන් නම් මූලික දේවල්, ඒ කියන්නෙ theme, icon pack වගේ දේවල් වෙනස් කරන්න අවස්ථාව තියේ. හැබැයි ඉතිං official ක්‍රම නම් නෙවෙයි. ඔක්කොම patching තමා. ඒ අතින් වින්ඩොස් ටිකක් මදි කියල හිතෙනව. User ට ඕන විදිහට os එක configure කරගන්න හෝ තෝරගන්න අවස්ථාවක් දීල තිබ්බනම් ගොඩක් වටිනව.

✔️ Updates

වින්ඩොස්වල අප්ඩේට් ගැනනම් හැමෝම දන්නව ඇතිනෙ. ආය අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කෙටියෙන්ම කිව්වොත් හෙනම වාතයක්. අප්ඩේට් එනව එනව ඉවරෙකුත් නෑ. අනික අප්ඩේට් ඇප්ලයි වෙනකම් පැය ගණන් බලන් ඉන්නත් ඕන. වැදගත් වැඩක් අතරමැද එහෙම හිටියොත් සොරි තමා. ලිනක්ස් අප්ඩේට් නම් එහෙම කරදරයක් නෑ. යූසර්ට බලෙන් අප්ඩේට් දෙන්නෙත් නෑ, අනික ලිනක්ස්වල අප්ඩේට් ඇප්ලයි වෙන්න රීබූට් කරන්න ඕනෙත් නෑ. කර්නල් මාරු කරන්න උනොත් විතරක් රීබූට් කරන්න ඕන. නැත්තම් ඒ ඕනෙත් නෑ. කොටින්ම කිව්වොත් අප්ඩේට් කරාම රීස්ටාර්ට් කරන්න අත්‍යවශ්‍යම නෑ.

✔️ Security

Security පැත්ත ගැන කතා කරොත් ලින්ක්ස් වින්ඩොස්වලට වඩා Security වැඩියි. ඒ කියන්නෙ වයිරස්, මැල්වෙයා වගේ ප්‍රශ්නවලින් තොරයි. තොරයි කිව්වට ඉතිං දැන් දැන් නම් මැල්වෙයා එහෙම සමහර os වල repository වල තිබිල අහුවෙලා තියෙනව හැබැයි ඒව ලොකු ප්‍රශ්න වෙන ඒවනම් නෙවෙයි. බිට්කොයින් මයිනින් වගේ ඒව. වයිරස්, මැල්වෙයා ලිනක්ස්වලට නැති හේතුවක් තමා පාවිච්චි කරන යූසර්ස්ල ප්‍රමාණය අඩු වීම. මොකද ඉතිං වයිරස්, මැල්වෙයා ලියන කෙනෙක් උත්සහ කරන්නෙ තමන් ලියන වයිරස්, මැල්වෙයා එකෙන් වැඩිම ප්‍රයෝජනයක් ගන්නනෙ. ඒකට ඉතිං ටාගට් කරන්න ඕන වැඩිම යූසර් බේස් එකක් තියන os එකක්නෙ. අනික තමා malacious software එකක් කොහොම හරි ආව කියමුකො ඒත් ඒකෙන් වෙන්න පුලුවන් හානිය ගොඩක් අඩු වෙනව මොකද 99% වගේ සාමාන්‍යයෙන් වැඩ කරන්නෙ root permision නතුව නිසා. ඒ නිසා file system එකට වෙන්න පුලුවන් හානිය ගොඩක් අඩුයි.

✔️ Centralized vs. Non Centralized Application Installation

ඔයාල දන්නවනෙ වින්ඩොස්වල සොෆ්වෙයා එකක් install කරන විදිහ. අදාල සයිට් එකට ගිහිල්ල, exe ෆ්යිල් එක අරන්, ඒක open කරල install කරන්න ඕන. හැබැයි ලිනක්ස්වල එහෙම ඕන නෑ. මොකද ලිනක්ස්වලට package management system එකකින් තම software manage කරන්නෙ. ඒ කියන්නෙ අපිට ලිනක්ස්වල software එකක් install කරන්න ඕන නම් කරන්න තියෙන්නෙ terminal එක open කරල පොඩි command එකක් රන් කරන්න විතරයි. ඉතුරු වැඩ ඔක්කොම package management system එක බලාගන්නව. Software එක ඉන්ස්ටෝල් කරල ඕන configuration ටික ඔක්කොම ඒක විසින්ම කරනව. කොච්චර ලේසිද නේද? හැබැයි ඉතිං package repository එකේ නැති එකක්නම් source code එක අරන් compile කරගන්න වෙනව. එක්කත් ලොකු අමාරුවක් නෑ. ඊට අමතරව flatpack, appimage, snap වගේ package management system වර්ගත් තියේ. ඕනනම් ඒව පාවිච්චි කරන්නත් පුලුවන්. Appimage කියන්නෙ ලිනක්ස්වල පාවිච්චි කරන්න් පුලුවන් portable software වර්ගයක්. Software install කරන්න විතරක් නෙවෙයි ඒව update කරන්න, remove කරන්න මේ ඔක්කොම package management system එක පාවිච් කරලම කරගන්න පුලුවන් ලේසියෙන්ම. මේ package management system distro එකෙන් distro එකට වෙනස් වෙනව.

උදා ➡️ ubuntu සහ debian පාදක distro වල apt package management system ➡️ Centos, redhat වල yum package management system ➡️ Arch linux වල pacman package management system

✔️ Licencing

Licencing ගැන කතා කරොත් ලිනක්ස් එන්නෙ GPL (General public license) එක යටතෙ. මෙක අයිති වෙන්නෙ open source license ගණයට. කලින් කතා කරා වගේම මේකෙදි ප්‍රධාන වශයෙන් source code එක නිදහස් නිසා ඕන කෙනෙකුට අවශ්‍ය පරිදි වෙනස් කරන්න, බෙදාහරින්න අවස්ථාව දීල තියනව. වින්ඩොස් එන්නෙ EULA (End User License Agreement) කියන license එකත් එක්ක. මේක license අයිති වෙන්නෙ proprietary ගණයට. මම නම් මේ license වලින් එකක්වත් කියවල නෑ. කවුද ඕව කියවන්නෙ නේද? ඕව කියෙව්ව කියල එකග නොවී ඉන්නද. කොහොම උනත් EULA එක ගැනනම් නරකම තම තියෙන්නෙ නෙට් එකේ.

✔️ Performance

Performance ගැන කතා කරොත් ලින්ක්ස් ගොඩක් ඉස්සරහින් ඉන්නව කියන්න පුලුවන්. ලිනක්ස්වල තේරීම් ගොඩක් තියන නිසා තමන්ගෙ pc එකේ spec එකට ගැලපෙන distro එකක් තෝරගන්න අවස්ථාව තියනව. පරණ හාඩ්වෙයා එක්ක උනත් හොදට වැඩ කරන්න පුලුවන් විදිහට නිර්මාණය කරපු distro තියනව. Desktop environment වර්ගත් ගොඩක් තියන නිසා තමන්ගෙ pc එකට හොදටම ගැලපෙන්න තෝරගන්න පුලුවන්. අනික තම os එකට එන software වලටම හිරවෙලා ඉන්න ඕන නැති නිසා, default එන software තමන්ට ගැලපෙන්නෙ නැත්තම් ඒව අයින් කරල තමන්ට ගැලපෙන software වලට මාරු වෙන්නත් පුලුවන් නිසා ඒකත් වාසියක්. වින්ඩොස්වල ඉතින් කිසිම තේරුමක් නෑ. තමන්ගෙ කර්‍ය්ට අනුව home, pro, enterprise වගේ සුලු තේරීම් කිහිපයක් තිබ්බත් performance වල ලොකු වෙනසක් නෑ. කලින් වින්ඩොස් os වල නම් මටත් ලොකු performance ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. ඒත් දැන් වින්ඩොස් 10 වලනම් මට ලොකු peformance වෙනසක් තියනව. මන් හිතන්නෙ මගේ pc එකේ hardware පරණ නිසා වෙන්න ඇති.

✔️ Support

Suport එක ගැන කතා කරොත් දෙකේම ලොකු වෙනසක් නෑ. දෙකටම හොද support එකක් තියනව. දෙකටම උදව් ගන්න වෙබ් සයිට්, ෆෝරම් ඕන තරම් තියේ. ලිනක්ස්වලට විශේෂයෙන් හොදම community support එකක් තියනව. මොකද ඉතින් ලිනක්ස් දුවන්නෙම commiunity එකමතනෙ. කොච්චර support එකක් තියනවද කියන එක තීරණය වෙන්නෙ ඔයා තෝරගන්න distro එක මත තමා. ඔයා ubuntu වගේ distro එකක් තෝර ගත්තොත් පට්ට්ම community support එකක් තියනව.

✔️ Usability

Usability ගැන කතා කරොත් ඉතින් වින්ඩොස් ඉස්සරහින් ඉන්නව කියන්නත් පුලුවන්. පුලුවන් තරම් user friendly වෙන්න තමා වින්ඩොස් නිර්මාණය කරල තියෙන්නෙ. පොඩි අවුලකට තියෙන්නෙ install වෙන්න වැඩි වෙලාවක් ගත වෙන එක තමා. ලිනක්ස් ගන කතා කරොත් ඉස්සරවගේ නම් නෑ. දැන් ගොඩක් හොද දියුණුවක් තියනව. Ubuntu, linux mint, elementary os වගේ os ලොකු දැනුමක් නැති සාමාන්‍ය යූසර් කෙනෙකුට උනත් පාවිච්චි කරන්න පුලුවන් තත්වෙ තියනව. පොදුවෙ ගත්තොත් ලිනක්ස් පාවිච්ච් කරන්න වින්ඩොස්වලට වඩා දැනුමක් අවශ්‍ය වෙනව. වැඩේ තියෙන්නෙ මුලින්ම ලිනක්ස් වලට එනකොට ගැලපෙන user friendly distro එකක් තෝරගන්න එක තමා. එහෙම නැතුව ටිකක් advanced distro එකක් තෝර ගත්තොත් මුලින්ම වැඩේ නාගන්නව. ඊටපස්සෙ ඉතින් ලිනක්ස් වැඩක් නෑ, පාවිච්චි කරන්න බෑ කිය කිය කෑගහනව. මුල වැරදුනොත් නම් ඉතින් ලිනක්ස් එපා වෙන එක ෂුවර්ම තමා.

✔️ වින්ඩොස්වල තියන ලොකු වාසියක් තමා adobe වගේ proprietary software සහය දක්වන එක. Photography, video editing වගේ ක්ෂේත්‍රයක වැඩ කරන කෙනෙකුට නම් වින්ඩොස් තමා. ලිනක්ස්වල මේවට alternatives තිබ්බට ඒව එච්චර සාර්ථක නෑ.

✔️ වින්ඩොස්වල තව වාසියක් තමා gaming. ලිනක්ස්වලත් ගේම ගහන්න බෑ කියබවන නෙවෙයි, පුලුවන්. ඉස්සර වගේ නෙවෙයි දැන් steam වගේ platform තියන නිසා ලිනක්ස්වලත් හොදට ගේම් ගහන්න පුලුවන්. ඒත් ඉතින් ගේමින්වලට හොදම os එක තමා වින්ඩොස්.

✔️ ලිනක්ස්වල command line එක ලිනක්ස්වල එක සුවිශේෂීම දෙයක්. ලිනක්ස්වල command line එකෙන් කරන්න පුලුවන් දේවල් අසීමිතයි. වින්ඩොස්වලත් command line එකක් තිබ්බට ඒකට ලිනක්ස්වල තරම් powerful නෑ.

✔️ ලිනක්ස් කියන්නෙ ඕනම අවශ්‍යතාවයකට ගැලපෙන් තනි solution එකක්. Desktop, servers, low end computers, older computers වගේ ඕනම අවශ්‍යතාවයකට ගැලපෙනව. ලෝකෙ ලොකුම ටෙක් කම්පැනි (google, facebook, ibm, oracle ) සමුපූර්ණයෙන්ම දුවන්නෙ ලිනක්ස් servers වලින්. පේනවනෙ ඉතින් ලිනක්ස්වල තත්වෙ.

අන්තිමට කියන්නෙ මේ os දෙක වෙනස්ම අන්ත දෙකක තියන os දෙකක්. ලිනක්ස් කියන්නෙ වෙනමම ආතල් එකක්. මම මේකෙදි ලිනක්ස් හොදද වින්ඩොස් හොදද කියල කියන්න යන්නෙ නෑ. ඒක තමන්ගෙ තීරණයක්. මොකද කලින් කිව්ව වගේම මේ දෙකේම එකින් එකට අවේණික හොද නරක තියනව. හරි දේ තමා තමන්ට හරියන os එක තෝර ගන්න එක. මෙතනදි මම කතා කරේ ප්‍රධාන කරුණු ටිකක් විතරයි. මන් හිතනව හොද අදසක් මේකෙන් එන්න ඇති කියල. ඉදිරි ලිපිවලින් තව ලිනක්ස් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනව. දැනට නවතින්නම්.

#MickyBro

Last updated