ලිනක්ස්

ලිනක්ස් (Linux) (ගනූ ලිනක්ස් ලෙසද හැඳින්වේ) යනු යුනික්ස් හා සමාන පරිගණක මෙහෙයුම් පද්ධතියකි. ලින්ක්ස් විවෘත කේත (open source) මෘදුකාංගයක සංවර්ධනයට ප්‍රකට නිදසුනක් වන අතර, වානිජමය මෙහෙයුම් පද්ධති වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්arrow-up-right හා මැක් ඕඑස් එක්ස්arrow-up-right මෙන් නොව මෙහෙයුම් පද්ධතියේ සියලු කේතයන් ලෝකයේ ඕනෑම කෙනෙකු හට නොමිලයේ භාවිතයට ලබා ගැනීමට, බෙදා හැරීමට, හා වෙනස් කිරීමට ඉඩ සලසයි.

ආරම්හක යුගයේදී ලිනක්ස් සංවර්ධනය හා පාවිච්චි කිරීම සිදුවූයේ ලිනක්ස් ලෝලීන් සීමිත පිරිසක් අතර පමණි. එනමුත් පසු කාලීන ව IBMarrow-up-right, Sun Microsystemsarrow-up-right, Hewlett-Packardarrow-up-right, Novellarrow-up-right වැනි සමාගම් ලිනක්ස් සර්වර්arrow-up-right මෙහෙයුම් පද්ධතියක් ලෙස දියුණු කෙරිණී. වර්තමාන වන විට ලිනක්ස් වැඩතලarrow-up-right මෙහෙයුම් පද්ධතියක් (desktop OS) ලෙස ප්‍රචලිතව ඇත. මෙය ජංගම දුරකතන වල සිට සුපිරි පරිගනක දක්වා විහිදී ඇත. මෙහි ඇති විශ්වාසීදායකත්වය, ආරක්ෂාව, අඩු වියදම (ඇත්තටම වියදමක් ඇත්තේම නැත) හා නිදහස මෙහි සාර්ථකත්වයට හේතුවී ඇත.

Last updated

Was this helpful?